පොරකුකුලන් සදහා කූඩු හා කුකුල් නිවාස සෑදීම සදහා කූඩු සැලසුම්.

 බොහේ අයට ඇති එක් ගැටලුවක් තමයි. නිවැරැදිව කොයි ආකාරයටද, පොරකුකුලන් සදහා නිවාස සකසා ගැනීම යනු. ඇතැම් අයට ඇති ගැටලුවක් තමයි, ඉඩකඩ අපහාසු තාවය. තවත් අයට ඇති ගැටලුවක් තමයි, පොරකුකුලන් සදහා නිවාස කොයි ආකාරයටද නිවැරැදිව කුඩාවට සාදාගත හැකි ක්‍රම සම්බන්ධයෙන්. තවත් අයට ඉඩකඩ අපහසුතා සම්බන්ධයෙන්. ඉතින් අප විසින් මෙම ගැටලු මගහරවා අඩු මුදලට, හා ලොකුවට හෝ කුඩාවට, ඉඩකඩ ඇති ප්‍රමාණයට සරිලන ආකාරයට පොරකුකුල් නිවාසයක් සාදාගත හැකියි. පොරකුකුල් නිවාස සැලසුම් ක්‍රම අප විසින් හදුන්වා දී ඇති බැවින්. ඔබට සරිලන ආකාරයේ හා පහාසු ක්‍රමයට පොරකුකුල් නිවාසයක් සකසා ගත හැකියි.(Buddika krishanatha, Slk fighting rooster and medicine kandy Admin team/2024-12-10)

(1) මෙම පොරකුකුල් නිවාසය උස අඩි 6-2, දිග අඩි 4-4, පලල අඩි 3, කුඩා ඉඩකඩක් තුල තැබිය හැකි, (2×2 ලී කණු අඩි 28) (2/1 රීප්ප පටි අඩි 80 ) (අගල් 1 කෝටෙඩ් හා අගල් බාගයේ කෝටෙඩ් කොටු දැල්,) (ලෑලි, )(අගල් 1, අගල් 2, අගල් 1 හමාර, අගල් 2 හමාරඇණ) (සිවිලිම් තහාඩු)

යොදාගෙන.සකසාගත හැකි කුඩා කූඩුවක් වේ. මෙම කූඩුව මහාල් දෙකකින් තමන් විත වේ. ඉහල මහාලයයේ උස අඩි 2-2, දිග අඩි 2-2, පලල අඩි 3. සමන්විත කුඩා කූඩු දෙකක් හා, දිග අඩි 4-4, උස අඩි 3, පලල අඩි 3, ඇති පහල මහාලය සම්පූර්ණ තනි කූඩුවක් වශයෙන් කූඩු තුනකින් සමන්විත වේ. කුඩා කූඩු තුල එක් කුකුලෙකු හෝ නාම්බෙකු දැමිය හැකි අතර. පහල මහාලයේ කූඩුව තුල බෝකිරීම සදහා සතුන් 5ත් 6ත් අතර දැමිය හැකියි.

(2) ,මෙම පොරකුකුල් නිවාසය තරමක් විසාල වන අතර. මෙය සදහා වැඩි ඉඩකඩක් අවශ්‍ය වේ. සම්පූර්ණ උස අඩි 8-6, සම්පූර්ණ දිග අඩි 9-6, පලල අඩි 3, හා මහාල් තුනකින් යුත් තරමක් විසාල කූඩුවක් ය. (2×2 ලී කණු, අඩි 72)( 2-1 රීප්ප පටි ,220)( අගල් 1-4 කෝටෙඩ් කොටු දැල් හා අගල් 1-2 කෝටෙඩ් කොටු දැල්,)( ලෑලි,)( අගල් (1)(1/2)(2)(2/2)ඇණ,)( වහාලය සදහා තහාඩු උපයෝගි කරගෙන ඇත.)

උස අඩි 2, දිග අඩි 3, පලල අඩි 3න් යුතු. කූඩු තුනකින් ඉහල මහාල සමන්විතය. උස අඩි 2-6, දිග 3, පලල අඩි 3න් යුතු. කූඩු තුනකින් සමන්විත දෙවන මහාලය. උස අඩි 3, දිග අඩි 3, පලල අඩි 3කින් යුතු. කූඩු තුනකින් සමන්විත පහාලම මහාලය. පහාලම මහාලය තුල බෝකිරීම සදහා ඇති කුකුළන් ජෝඩු වශයෙන් හෝ සමූහ වශයෙන් කූඩු කර හැකියි. මැද මහාලය තුල තරමක් විශාල නාම්බන් හෝ නාම්බන් ජෝඩු වශයෙන් ද කූඩු කල හැකිය. ඉහලම මහාලය තුල, කිකිළියන් රැකීම හා කුඩා පැටවුන් දැමීය හැකියි. මෙම පොරකුකුල් නිවාසය තරමක් විශාල බැවින් මෙය ඉදිකිරීම සදහා ස්ථීර ඉඩකඩක් අවශ්‍ය වේ.

(3) වන පොරකුකුල් නිවාසය මෙම නිවාස අතරින් ඉතාමත්ම කුඩාම නිවාසය වන අතර. මෙය සදහා ඉතාමත්ම කුඩා ඉඩකඩක් තුල, වැඩි ඉඩකඩක් නැති අයෙකුට උවත් පහසුවෙන්ම සාදාගත හැකියි. (උස අඩි 7-4) (දිග අඩි 3-6) (පලල අඩි 3-2) වන මෙම පොරකුකුල් නිවාසය කූඩු දෙකක් පමණක් ඇති. මහාල් දෙකකින් සමන්විතය. පහල මහාලය සදහා බෝකිරීම සදහා ඇති කුකුළන් 5ක ප්‍රමාණයක් දැමීම. ඉහල මහාලය සාත්තු, හා පැටවුන් දැමීම හෝ වෙනත් අවශ්‍යතා සදහා සතුන් දැමීම කල හැකියි. (2+2 ලී, අඩි 32ක් කණු සදහා)(2-1 රීප්ප පටි, අඩි 74ක්)(අගල් බාගය කොටු දැල් අඩි 6ක්, කෝටෙඩ්)( ඇණ/ අගල් 1-01kg/ අගල් එකහාමාර 3kg/අගල් දෙකහාමාර 1.500kg) (දොරටු සවිකිරීම සදහා අවශ්‍ය දැ,) (වහාලය සදහා තහාඩු,) (තට්ටුව සහා පිටත ආවරණය සදහා ලෑලි හෝ වෙනත් දැ.)

මෙම කූඩුව සදහා අඩු ඉඩකඩක් හා, අඩු වියදමක් වැයවන අතර කුඩාවට පොරකුකුලන් පලණය කරන අයෙක් සදහා ප්‍රයොජනවත් වෙයි.

(4) වන මෙම කුකුල් නිවාසය සදහා වැඩි ඉඩකඩක් අවශ්‍යවන අතර. තරමක් වැඩි වියදමක් වැය වනු ඇත. මෙම කූඩුව තරමක් විසාල බැවින් වැඩි ඉඩකඩක් මෙය සදහා ඕන වන අතර ⁣වැඩි කුකුළන් ප්‍රමාණයක් මෙහි දැමිය හැකියි.
මහාල් දෙකකින් සමන්විත මෙම කූඩුව, ඉහල මහාලයයේ තනි ප්‍රමාණයෙන් යුතු කූඩු 4න් හා දෙවන මහාලය තුල තරමක් විසාල කූඩු දෙකකින් සමන්විත වේ.ඉහල මහාලය තුල ඇති කූඩු සදහා සාත්තු සතුන් දැමීම හා, තනි සතුන් දැමීම. බෝකිරීම සදහා වෙන් වෙන්ව දැමීම කල හැකියි. එක් කූඩුවක ලෝකු සතුන් 5ක් දැමිය හැකියි. වෙන මහාලය තුල ඇති තරමක් විසාල කූඩු දෙක තුල බෝකිරීම හා නිදැලි ක්‍රමයට අතහැර ඇති කුකුළන් දැමීම කල හැකියි. එක් කූඩුවක් තුල ලොකු සතුන් 12ත් 15ත් අතර දැමිය හැකියි.
(උස අඩි 9, 2+2 ලී අඩි 90ක්)(2-1, රීප්ප අඩි 200ක්)(අගල් 1 හමාර දැල් 9ක් / අගල් 1, දැල් අඩි 9ක්)(ඇණ/ අගල් 1, 1.500kg/ අගල් 1 හමාර, 4kg/අගල් 2 හමාර, 3kg)(දොරටු සදහා අවශ්‍ය වන දැ)(තට්ටුව හා පිටත ආවරණය සදහා ලෑලි)(තණිපලය වහාලය සදහා තහාඩු).

(5) වන කුකුල් නිවාසය, මෙය පොරකුකුලන් සදහා බාවිතය සදහා. සාත්තුව සදහා නිර්මාණය කරගත හැකි. සාත්තු සදහා ඇති පොරකුකුලන් සදහා මෙම කූඩුව සකසා අත. මෙම කූඩුව මහාල් දෙකකින් සමන්විත අතර මහාල් දෙකේම කූඩු දෙක බැගින් කූඩු 4ක් ඇත. මෙම නිවාසය සදහා වැඩි ඉඩකඩක් අවශ්‍ය නොවන අතර, වැඩි වියදමක් වැය නොවේ.(උස අඩි 8, 2×2 ලී, අඩි 48)(2-1 රීප්ප, අඩි 120.)(අගල් බාගය,2mr)(ඇණ/ අගල් 1,500g,/අගල් 1 හමාර, 2kg,/අගල් 2 හමාර,1.500kg)(දොරටු සදහා අවශ්‍ය දැ)(පලදෙක වහාලය සදහා තහාඩු)(තට්ටුව හා පිටත ආවරණය සදහා ලෑලි)

මෙම නිවාසය පොරකුකුලන්ට අමතරව වෙනත් කුකුල් වර්ග දැමීම කල හැකියි. පොරකුකුල් සාත්තු සදහා මෙම කූඩුව නිර්මාණය කල උවත් ⁣සාත්තුව සදහාම බාවිතා කල යුතුය නොවේ.

(6) වන මෙම පොරකුකුල් නිවාසය ඉස්ථීර කුකුල් නිවාසයක් වන අතර. මෙය සාදාලීම සදහා ඉස්ථීර වූ භූමියක් හා, වැඩි ඉඩකඩ ප්‍රමාණයක් වගේම, වැඩි මුදල් ප්‍රමාණයක් වැය වේ. උස අඩි 8-4ක් යුතු. දිගින් අඩි 11ක් හා පලලින් අඩි 3-8ක් වන මෙම කූඩුව. ගඩොල්,වැලි,මැටල්,සිමෙන්ති යොදාගෙන සාදන ලදි. මහාල් දෙකකින් සමන්විත මෙම කූඩුව තුල. එක් මහාලයක් සදහා කූඩු කූඩු 3 බැගින් ඇත.

( මෙම කුකුල් නිවාසය සදහා, අප ලබාදී ඇති. දිග,පලල,උස අනුව, පිටත බිත්තිය හා ඇතුලත සදහා. ඔබ විසින් තෝරාගත් ගඩොල් වර්ගය අනුව අනෙකුත් අමුද්‍රව්‍යයන් ප්‍රමාණයන්, ඇස්තමේන්තු කරගත යුතුයි. මහාලය බෙදාලීම සදහා කූඩා ස්ලැබ් එකක් දමන්න. නැති නම් ලෑලි තට්ටුවක් මගින් වෙන්කරවා ගන්න. පෙදරේරුවකුගේ උපදෙස් පතන්න.)
(කූඩුව තුල දොරටුව හා දැල් යෙදවීම සදහා 2×2 ලී, අඩි 80, 2-1 රීප්ප පටි, අඩි 90ක්,)(අගල් බාගය 1mr, අගල් 1, දැල් 2mr,)(ඇණ/ අගල් 5, කොන්ක්‍රීට් ඇණ 48ක්,අගල් 1 500g, අගල් 1 හමාර 500g)

(12 තනි වානේ කම්බියක් යොදා, අගල් 8ක් පලල, පොලොවෙන් ඉහලට එසවෙන සේ අගල් 6ක් මුල් අත්තිවාරම දමන්න. ඔබට අවැසි නම් එය වෙනස් කරගන්න.)(වහාලය සදහා තහාඩු හෝ සීට් යොදාගන්න. 2×2 ලී හා රීප්ප පටි ප්‍රමාණය ගණන් බලා, තීරණය කරගත යුතුයි.) මෙම කුකුල් නිවාසය මහාල් දෙකකින් සමන්විත අතර. ඉහල මහාලය තුල ඇති කූඩු සාත්තු කූඩු වන වේ. පහල මහාලය බෝකිරීම සදහා තනි තනිව දැමීම කල හැකියි. මෙම ආකාරයට සාදන මෙම කූඩුව වැඩි කාලයක් පවතින අතර. කල්පවැත්ම අතින් ඉහල වේ.

(7) වන මෙම කුකුල් නිවාසය සදහා සාමාන්‍ය ඉඩකඩක් හා වැඩි මුදලක් වැය නොකර පහසුවෙන් සකසා ගත හැකියි. බෝකිරීම සදහා පමණක් සාදන මෙම කුකුල් නිවාසය. උස 7-6ක් වන අතර, දිගින් අඩි 6-6ක් හා, පලල අඩි 3වන අතර. මහාල් දෙකකින් සමන්විත අතර. ඉහත මහාලය හා පහල මහාලය තුල. දෙක බැගින් කූඩු 4න් සමන්විතය.

(2×2 උස, ලී කණු සදහා අඩි 48ක්) (2-1 රීප්ප අඩි 120ක්)(අගල් 1, දැල් 2mr)(ඇණ/ අගල් 1 500g/1 හමාර 1.500kg/අගල් 2 හමාර 500g)(දොරටු සදහා අවශ්‍ය දැ)(පලදෙක වහාලය, තහාඩු)

 

මෙම සියලුම පොරකුකුල් නිවාස සැලසුම් අප විසින් නිර්මාණය කර ඇත්තේ එක් එක් අයවලුන් සදහා ඇති. භූමියේ ඇති ඉඩකඩ පහාසුව හා, අතැතිව ඇති මුදල් ප්‍රමාණය අනුව සකසා ගත හැකි ආකාරයටයි. මෙම සැලසුම් වල ඇස්තමේන්තු ගත මුලු මුදල මෙහි සදහන් නොකිරීමට හේතුව නම්. අවශ්‍ය ද්‍රව්‍යයන් වල දවසින් දවස වෙනස් වන මිල නිසාවෙන්. මෙම සැලසුම් බලා, එම සැලසුම් වලට බාවිතා වන ප්‍රමාණයන් අනුව, අවශ්‍ය වන ද්‍රව්‍යයන් සදහා දැනට ඇති මිල ගණන් තීරණය කර ගතයුතුයි.

පොරකුකුලන් සදහා නිර්මාණය කර ඇති මෙම කුකුල් නිවාස. විසිතුරු කුකුළන් සහා ගම්කුකුලන් වැනි වෙනත් කුකුල් විශේෂයෙන් සදහා වුවද බාවිතා කල හැකියි.(⁣මම බුද්ධික ක්‍රිශාන්ත, slk fighting rooster and medicine kandy group admin)